Posts

Showing posts from January, 2022

හඬන හිනැහෙන ආදරය

Image
හඬන හිනැහෙන ආදරය ඔබෙන් ලද ආදරය මහ මෙරක්ය මට තවම නොදනිමි තවම සොයනොමි  මිනුම් කරනට ඔබේ සෙනෙහස මටම විතරක් අයිති ඔය සිත වරින් වර මා පෙළා දැමු කල මටම නොහැඟෙයි පුංචි ඔය නෙත් කදුළු රිදුමන් දරා උන් හැටි යන්න හැකි නම් අතීතය වෙත කදුළු පිසළමි සිනා වගුරමි මා හැඩෙව් ඒ නෙත් කොණේ.... නමුත් නොහැකිය යන්න ඒ වෙත වරු ගණන් පසු වී ගොසින් එහෙත් අයදිමි දෙපා සිඹ ඔබෙ මගේ හිමියනි සමා දෙනවද මා අතින් වූ සියලු වරදට නොවෙයි මින් මතු එවැනි දේ වරෙක හිනැහෙන වරෙක හඬවන  අපේ ආදර කතාවේ.....

දෙවැනි මව

Image
  දෙවැනි මව ජීවිතයේ අඩිය අඩිය පා තබන්න කියලා දුන්න දෙව්ඳුවකි මා දුටුව  මිහිපිට... මුදවා ගත්තා  වැරදි පාරෙන් ආදරෙන් මට වදන් දී සනසවා සිත් කාරුණික වූ හදට ඔබේ මගෙ හිත හදා පොතට පතකට  එහා ගියෙ ඔබෙ  බැඳීමේ ගුණ මෙකී නොම වෙයි කිසිම කලෙකදි මතුවටත්.. ගුරු මෑණියනි ඔබ දෙවැනි අම්මයි ආදරේ මුල්  කැඩපතයි.....

පැරණි පාසල

Image
පැරණි පාසල අමතක කරනට  නොහැකි මුත් ඒ කාලය ඇසුරු සැනෙකින්  වියැකිලා ගොස් ඇත අද එදා සිටි උන් කෝ කොහේ වෙද තාම මතකයි  දඟ කරපු හැටි පිස්සුවෙන් වගෙ  එදා හැම දෙන... පුංචි පාසල තවත් එහෙමයි එදා තැනමයි  අදත් එතනයි ලොකු වෙලා ඇත්තෙම  එදා පුංචිව  සිටිය අපිමයි... හම්බුනොත් වරමක් හිතන්නේ නෑ තවත් දෙවරක් ඇත්තටම කිවුවොත් සතුට මහ හුඟක්  තිබුණේ ම යාලුවො ළඟ ගෙවුණු වරුවක්...

වැස්ස

Image
  වර්ෂාව අහස ගොරවන විටදි දෙ දරන හඬට බියවෙන පුංචි මං දැනුත් එහෙමයි  එදා වගෙ මයි බයේ අඩුවක්  නෑ තවත් වැස්සේ තාලෙට නටන්නට හිත තවම එහෙමයි  හිත තවත් සිංදු කිය කිය නට නටා මම වැස්සේ දඟලයි කැරකෙමින් හීන් හිරිකඬු  පිපී තිබුණත්  ගණන් නොගෙනම සිටි මමත් තවත් දගළයි  කිසිත් නොතකා වැඩක් නෑ මට ඒවානම් අම්මා මොරදෙයි එන්න කියමින් ගෙදර ඇතුළට  ඉක්මණින් අනේ මට නම්  වැස්ස කීවොත් අමතකයි ඒ කියු වදන් පුංචි කාලෙත්  වැස්සේ උඩ පැන නැටුව මම අද ලොකු උනත් ඒ  කාලේ වාගෙම  හරිම ආසයි  වැස්සට...

ආදරණීය යෙහෙළිය

Image
  ආදරණීය යෙහෙළිය   පියවරෙන් පියවරට පා නගන දිගු ගමන නොනැවතී නොසෙල්වී යන්න මගෙ හුරතලී.. මුල් දිනයෙ දුටු දවස ඔබෙ සිනා මතකයෙහි රූ ඇදේ මා සිතේ නොවේ අමතක එදින කිසි දින ලබන මතු ජන්මයේ වෙන්න මගෙ සොයුරි ඔබ එකම මවු කුස තුළක  ඉපදෙන්න... රෝග බිය දුරුවෙන්න ඔබෙ ගමන සරු වෙන්න ඔය සිනා මුව කමල  සන්තොසින් ඉතිරෙන්න පතන්නෙමි කිසි දිනෙක  දුක් කදුලු නොවැටෙන්න දිගායුෂ වැඩිවෙන්න මලක් මෙන් සුරැකෙන්න යම් දිනෙක වැජඹෙන්න පුංචි මගෙ හුරතලී...

රාත්‍රිය

Image
 රාත්‍රිය  අහස් ගැබ සඳ හොරෙන් පිළිගයි තරුත් හිමිහිට සඳට වටවෙයි තරු රටා නෙක අහසෙ විසිරෙයි නෙතට විසිතුරු රටා පෙන්වයි  සිහිල් සුළඟක් දසත පැතිරෙයි වවුල් රෑනක් අහසෙ ඉගිළෙයි සඳේ දෙව්ඳුව කනට කොඳුරයි අමුතු මිහිරක් සිතට රිංගයි....

නැගණිය

Image
  නැඟණිය රණ්ඩු වීලා අඬ අඬා අම්මා වෙත යන නංගියේ ගෙදර හුරතලී ඔයා හින්දයි මං බැනුම් ඇහුවේ හැම දිනේ... රණ්ඩු වෙන්නට දුක කියන්නට  හිටියෙ නුඹමයි  ළඟ මගේ ... ඉඳලා හිටලා ආදරෙන් මට කතා කෙරුවට බොරුවට  දන්නවා මම ආදරේ ඒ කපටිකමටයි වැඩකට  ඒ උනත් මට දන්නවා මම ඉන්නවා ඔබ ළඟින් නිතරම  කවදා හරි මම  ගෙයින් පිට වී යනෙන දවසක  නැගණියේ  අපිට අපි නැත අඩුව නොපිරෙයි  කිසිම දෙයකින් මතු දිනේ......

සැදෑ සමය

Image
  සවස් කාලය   රැහැයියන් කෑ ගසන හඬකට සවන් දී ගෙන සිටින මොහොතක  කුරුලු රෑනක් හිසට ඉහළින් කැදලි වෙත පියඹා ගියා.. සිහින් සුළඟක් ගතෙහි දැවටී අතු රිකිළි නළවමින් පැද්දී සවස් යාමෙට පා තබන්නට  ඇරයුමක් කොට හිනැහුණා... නුඹ ගැබේ උන් වළාවන් පෙල වර්ණ ගන්වා සැදෑ යාමය  කඳු පෙළෙන් හිරු අවර ගිරකට හෙමි හෙමින් බැස ගෙන ගියා...

තනිකම

Image
  තනිකම හිතට දැනෙන හැම හැඟුමම ගලපනු හැකිනම් කොහේවෙද මේ තරම්ම හිතට පාලුවක් අකුරු කරනු නොහැකිවෙද දැනෙන දැනෙන හැම හැඟුමම  හිතට රිදුම් නොදෙයි එයම පුදුම සහනයක් දුරක යනෙන ළඟ නොරැදෙන  අමුතු වදන් හිතට නැගෙන  සතුට දුකම එහි රජයන  කියනු නොහැකි සිතනු නොහැකි ජීවිතයේ නොවේද මගෙ පුංචි හිස්තැනක්...

සුරතලා

Image
  සුරතලා දවස තිස්සෙම හුරතලේමයි මගෙ වටේටම දැවටි දැවටී ඒ නිසා මම දැම්මේ දඟයා කියා නම ඌට පුංචි කාලේ පුංචි දේකට අම්මා ගැහුවොත් කෝටු පාරක රසය බලමින් මා සොයාගෙන දුවලා එන්නේ බේරගන්නට කිය කියාමයි දුක හිතෙන ඒ මුහුණ අල්ලන් වඩාගෙන මම සෙමෙන් සෙමෙන් අම්මා නැති තැන සනසාමි මම මගේ සුරතලා ඔයා කියමින් පුදුම සිතෙනා සෙනෙහසක් ඇත අහිංසක ඒ ඇස් දෙකේ සුරතලෝ නුඹ දෙවියො දුන්නේ පිනකටයි මට පෙර දිනේ...

දිවියේ නිහඬ වීරයා

Image
 තාත්තා දෑතෙ කරගැට  සිරුරෙ දහදිය සැඟ වූ ඔබේ එක හිනාවක මම දුටුවේ ජීවිතේ සොඳුරු බවමයි ඒත් ටික ටික ලොකු වෙලා මම දකින කොට ඔබෙ වෙහෙසකර බව තාත්තේ ඒ වේදනාවන් මගෙන් සඟවා  සිටිය අරුමය හිතන විට මට හරිම පුදුමයි කතාවල උන්  වීරයන් ගැන ආශාව තිබුනට නිරන්තරයෙන් මගේ ජීවිතෙ ගොඩනගන්නට වෙර දැරූ ඒ නිහඬ වීරයා ඔබම පමණයි....

ආදරණීය අම්මා

Image
 අම්මා හිරුට කලියෙන් අවදි වන්නට ඔබේ ඇස් දෙක හුරුව උන්නා එවේලේ නිදි පැදුරෙ උන් අපි තව තවත් ගුලි වෙමින් උන්නා දෑස් නිදි බර ගතිය මගහැර ඔබ අපේ බඩ කට පිරෙව්වා කුසට අහරක් නොමැතිවම ඔබ අපේ දිවි මග එළිය කෙරුවා අකුරු ගලපනු නොමැති මුත් ඔබෙ  ගුණ කියන්නට වරුණ නිම්මා අදත් මම එන තුරුම පෙර මඟ බලන් ඉන්නා නොනිමි පහනයි  මගේ ආදරණීය අම්මා...

උදෑසන අසිරිය

Image
  උදෑසන අසිරිය විහඟ ගී නද දසත                    පැතිරෙයි පුංචි කුසුමන් සෙමෙන්             ඇහැරෙයි මීදුමෙන් කඳු යාය                       වටවෙයි ගතම කුල්මත් වෙලා                  වාගෙයි පුංචි සමනල් රෑන                         පියඹයි හිරුට පෙම් බැඳි පාර                 පෙන්වයි සිතට අරුමැසි සිතුම්                    පුබුදයි උදයේ අසිරිය ලොවට                   විහිදයි

මිතුදම

Image
  මිතුදම අකුරු අමුණා වචන ගලපා කියනු නොහැකිය මහමෙරක් මිතුරු පෙමකට කොහේ නම් වෙද නීති වට වුණු තහනමක් විටෙක මනසට සතුට කැන්දන මුළු හිතන සනසන රන් ටැඹක් හඬන හිනැහෙන නෙත් අතර තිබුණෙම වෙන්ව නොයනා මිතුදමක්...... දිරිය ළඟ නැති සෑම මොහොතෙම සවිය ගෙන දුන් දෙව්ඳුවක් සිතට සහනෙකි ළඟම උන් එක  තත්පරෙත් මට කෝටියක් සොයුරු බැම්මට සමයි නුඹ නම් වචන ගළපනු බෑ තවත් කියනු කෙළෙසද නුඹේ සෙනෙහස  මගේ සුසුමන් තරම් ඒ බව නොදනීවි වෙන කවුරුවත්...... කඳුළු කැට මගෙ හිතට බර වග පසක් කළ විට ඔබේ මිතුදම එදා සිට මගෙ කඳුළු පිසදා ළඟින් උන් හැටි හරිම පුදුමයි අදත් ඔබ මුණ ගැසුණු එදවස සිහිනැගෙන විට මගේ මනසට මිතුරියේ සිත නිවන කැඩපත දුටුවේ මා ඔබ තුළින් පමණයි....                   .....රොෂානි✍️

සඳවතිය

Image
  සඳවතිය හිරු නිදිවරාගත් නිහඬ නිසසල රැයේ තරු පිරිවරාගත්  එකම රැජිණිය ඔබයි සඳවතිය... හිරුගේ රැස් කදට බියවී සැඟවුණත් ඔබ  දහවලේ..... ඇත ඉතා තේජස්ව නිහඬ නිසසල රැයේ.... තරු මඬල වට කරමින් ඇත ඔබව  පවන් මගේ..... නැත කිසිදු මානයක් ඔබගේ සුන්දර වතේ.....