සුරතලා

 සුරතලා



දවස තිස්සෙම හුරතලේමයි

මගෙ වටේටම දැවටි දැවටී

ඒ නිසා මම දැම්මේ දඟයා කියා

නම ඌට පුංචි කාලේ

පුංචි දේකට අම්මා ගැහුවොත්

කෝටු පාරක රසය බලමින්

මා සොයාගෙන දුවලා එන්නේ

බේරගන්නට කිය කියාමයි

දුක හිතෙන ඒ මුහුණ අල්ලන්

වඩාගෙන මම සෙමෙන් සෙමෙන්

අම්මා නැති තැන සනසාමි මම

මගේ සුරතලා ඔයා කියමින්

පුදුම සිතෙනා සෙනෙහසක් ඇත

අහිංසක ඒ ඇස් දෙකේ

සුරතලෝ නුඹ දෙවියො දුන්නේ

පිනකටයි මට පෙර දිනේ...

Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය