උදෑසන අසිරිය

 උදෑසන අසිරිය





විහඟ ගී නද දසත                    පැතිරෙයි

පුංචි කුසුමන් සෙමෙන්             ඇහැරෙයි

මීදුමෙන් කඳු යාය                       වටවෙයි

ගතම කුල්මත් වෙලා                  වාගෙයි


පුංචි සමනල් රෑන                         පියඹයි

හිරුට පෙම් බැඳි පාර                 පෙන්වයි

සිතට අරුමැසි සිතුම්                    පුබුදයි

උදයේ අසිරිය ලොවට                   විහිදයි

Comments

Popular posts from this blog

ආදරණීය අම්මා