මිතුදම

 මිතුදම





අකුරු අමුණා වචන ගලපා
කියනු නොහැකිය මහමෙරක්
මිතුරු පෙමකට කොහේ නම් වෙද
නීති වට වුණු තහනමක්
විටෙක මනසට සතුට කැන්දන
මුළු හිතන සනසන රන් ටැඹක්
හඬන හිනැහෙන
නෙත් අතර තිබුණෙම
වෙන්ව නොයනා මිතුදමක්......

දිරිය ළඟ නැති සෑම මොහොතෙම
සවිය ගෙන දුන් දෙව්ඳුවක්
සිතට සහනෙකි
ළඟම උන් එක 
තත්පරෙත් මට කෝටියක්
සොයුරු බැම්මට සමයි නුඹ නම්
වචන ගළපනු බෑ තවත්
කියනු කෙළෙසද නුඹේ සෙනෙහස 
මගේ සුසුමන් තරම් ඒ බව
නොදනීවි වෙන කවුරුවත්......

කඳුළු කැට මගෙ හිතට බර වග
පසක් කළ විට ඔබේ මිතුදම
එදා සිට මගෙ කඳුළු පිසදා
ළඟින් උන් හැටි හරිම පුදුමයි
අදත් ඔබ මුණ ගැසුණු එදවස
සිහිනැගෙන විට මගේ මනසට
මිතුරියේ සිත නිවන කැඩපත
දුටුවේ මා ඔබ තුළින් පමණයි....


                  .....රොෂානි✍️




Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය