ආදරණීය අම්මා
අම්මා
හිරුට කලියෙන් අවදි වන්නට
ඔබේ ඇස් දෙක හුරුව උන්නා
එවේලේ නිදි පැදුරෙ උන් අපි
තව තවත් ගුලි වෙමින් උන්නා
දෑස් නිදි බර ගතිය මගහැර
ඔබ අපේ බඩ කට පිරෙව්වා
කුසට අහරක් නොමැතිවම ඔබ
අපේ දිවි මග එළිය කෙරුවා
අකුරු ගලපනු නොමැති මුත් ඔබෙ
ගුණ කියන්නට වරුණ නිම්මා
අදත් මම එන තුරුම පෙර මඟ
බලන් ඉන්නා නොනිමි පහනයි
මගේ ආදරණීය අම්මා...
Comments
Post a Comment