ආදරණීය යෙහෙළිය
ආදරණීය යෙහෙළිය
පියවරෙන් පියවරට
පා නගන දිගු ගමන
නොනැවතී නොසෙල්වී
යන්න මගෙ හුරතලී..
මුල් දිනයෙ දුටු දවස
ඔබෙ සිනා මතකයෙහි
රූ ඇදේ මා සිතේ
නොවේ අමතක
එදින කිසි දින
ලබන මතු ජන්මයේ
වෙන්න මගෙ සොයුරි ඔබ
එකම මවු කුස තුළක
ඉපදෙන්න...
රෝග බිය දුරුවෙන්න
ඔබෙ ගමන සරු වෙන්න
ඔය සිනා මුව කමල
සන්තොසින් ඉතිරෙන්න
පතන්නෙමි කිසි දිනෙක
දුක් කදුලු නොවැටෙන්න
දිගායුෂ වැඩිවෙන්න
මලක් මෙන් සුරැකෙන්න
යම් දිනෙක වැජඹෙන්න
පුංචි මගෙ හුරතලී...
Comments
Post a Comment