සැදෑ සමය

 සවස් කාලය


 


රැහැයියන් කෑ ගසන හඬකට

සවන් දී ගෙන සිටින මොහොතක 

කුරුලු රෑනක් හිසට ඉහළින්

කැදලි වෙත පියඹා ගියා..

සිහින් සුළඟක් ගතෙහි දැවටී

අතු රිකිළි නළවමින් පැද්දී

සවස් යාමෙට පා තබන්නට 

ඇරයුමක් කොට හිනැහුණා...

නුඹ ගැබේ උන් වළාවන් පෙල

වර්ණ ගන්වා සැදෑ යාමය 

කඳු පෙළෙන් හිරු අවර ගිරකට

හෙමි හෙමින් බැස ගෙන ගියා...





Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය