දෙවැනි මව

 දෙවැනි මව




ජීවිතයේ අඩිය අඩිය
පා තබන්න කියලා දුන්න
දෙව්ඳුවකි මා දුටුව 
මිහිපිට...
මුදවා ගත්තා 
වැරදි පාරෙන්
ආදරෙන් මට වදන් දී
සනසවා සිත්
කාරුණික වූ
හදට ඔබේ මගෙ
හිත හදා
පොතට පතකට 
එහා ගියෙ ඔබෙ 
බැඳීමේ ගුණ
මෙකී නොම වෙයි
කිසිම කලෙකදි
මතුවටත්..
ගුරු මෑණියනි ඔබ
දෙවැනි අම්මයි
ආදරේ මුල් 
කැඩපතයි.....


Comments