තනිකම
තනිකම
හිතට දැනෙන හැම හැඟුමම
ගලපනු හැකිනම්
කොහේවෙද මේ තරම්ම
හිතට පාලුවක්
අකුරු කරනු නොහැකිවෙද
දැනෙන දැනෙන හැම හැඟුමම
හිතට රිදුම් නොදෙයි එයම
පුදුම සහනයක්
දුරක යනෙන ළඟ නොරැදෙන
අමුතු වදන් හිතට නැගෙන
සතුට දුකම එහි රජයන
කියනු නොහැකි සිතනු නොහැකි
ජීවිතයේ නොවේද මගෙ
පුංචි හිස්තැනක්...
Comments
Post a Comment