දිවියේ නිහඬ වීරයා

 තාත්තා







දෑතෙ කරගැට 

සිරුරෙ දහදිය

සැඟ වූ ඔබේ එක

හිනාවක මම

දුටුවේ ජීවිතේ සොඳුරු බවමයි

ඒත් ටික ටික

ලොකු වෙලා මම

දකින කොට ඔබෙ වෙහෙසකර බව

තාත්තේ ඒ වේදනාවන්

මගෙන් සඟවා 

සිටිය අරුමය

හිතන විට මට හරිම පුදුමයි

කතාවල උන් 

වීරයන් ගැන

ආශාව තිබුනට නිරන්තරයෙන්

මගේ ජීවිතෙ ගොඩනගන්නට

වෙර දැරූ ඒ නිහඬ වීරයා

ඔබම පමණයි....



Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය