පැරණි පාසල

පැරණි පාසල



අමතක කරනට 
නොහැකි මුත් ඒ කාලය
ඇසුරු සැනෙකින් 
වියැකිලා ගොස් ඇත අද
එදා සිටි උන්
කෝ කොහේ වෙද
තාම මතකයි 
දඟ කරපු හැටි
පිස්සුවෙන් වගෙ
 එදා හැම දෙන...
පුංචි පාසල
තවත් එහෙමයි
එදා තැනමයි 
අදත් එතනයි
ලොකු වෙලා ඇත්තෙම
 එදා පුංචිව 
සිටිය අපිමයි...
හම්බුනොත් වරමක්
හිතන්නේ නෑ
තවත් දෙවරක්
ඇත්තටම කිවුවොත්
සතුට මහ හුඟක් 
තිබුණේ ම
යාලුවො ළඟ
ගෙවුණු වරුවක්...




Comments