වැස්ස

 වර්ෂාව



අහස ගොරවන
විටදි දෙ දරන
හඬට බියවෙන
පුංචි මං
දැනුත් එහෙමයි 
එදා වගෙ මයි
බයේ අඩුවක් 
නෑ තවත්
වැස්සේ තාලෙට
නටන්නට හිත
තවම එහෙමයි 
හිත තවත්
සිංදු කිය කිය
නට නටා මම
වැස්සේ දඟලයි
කැරකෙමින්
හීන් හිරිකඬු 
පිපී තිබුණත් 
ගණන් නොගෙනම
සිටි මමත්
තවත් දගළයි 
කිසිත් නොතකා
වැඩක් නෑ මට ඒවානම්
අම්මා මොරදෙයි
එන්න කියමින්
ගෙදර ඇතුළට 
ඉක්මණින්
අනේ මට නම් 
වැස්ස කීවොත් අමතකයි
ඒ කියු වදන්
පුංචි කාලෙත් 
වැස්සේ උඩ පැන
නැටුව මම අද
ලොකු උනත් ඒ 
කාලේ වාගෙම
 හරිම ආසයි 
වැස්සට...


Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය