හඬන හිනැහෙන ආදරය

හඬන හිනැහෙන ආදරය





ඔබෙන් ලද ආදරය
මහ මෙරක්ය මට
තවම නොදනිමි
තවම සොයනොමි 
මිනුම් කරනට ඔබේ සෙනෙහස
මටම විතරක් අයිති ඔය සිත
වරින් වර මා පෙළා දැමු කල
මටම නොහැඟෙයි පුංචි ඔය නෙත්
කදුළු රිදුමන් දරා උන් හැටි
යන්න හැකි නම් අතීතය වෙත
කදුළු පිසළමි සිනා වගුරමි
මා හැඩෙව් ඒ නෙත් කොණේ....
නමුත් නොහැකිය යන්න ඒ වෙත
වරු ගණන් පසු වී ගොසින්
එහෙත් අයදිමි දෙපා සිඹ ඔබෙ
මගේ හිමියනි සමා දෙනවද
මා අතින් වූ සියලු වරදට
නොවෙයි මින් මතු එවැනි දේ
වරෙක හිනැහෙන
වරෙක හඬවන 
අපේ ආදර කතාවේ.....

Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය