නැගණිය

 නැඟණිය




රණ්ඩු වීලා අඬ අඬා
අම්මා වෙත යන නංගියේ
ගෙදර හුරතලී ඔයා හින්දයි
මං බැනුම් ඇහුවේ
හැම දිනේ...
රණ්ඩු වෙන්නට
දුක කියන්නට 
හිටියෙ නුඹමයි 
ළඟ මගේ ...
ඉඳලා හිටලා ආදරෙන් මට
කතා කෙරුවට බොරුවට 
දන්නවා මම ආදරේ ඒ
කපටිකමටයි වැඩකට 
ඒ උනත් මට දන්නවා මම
ඉන්නවා ඔබ ළඟින් නිතරම 
කවදා හරි මම 
ගෙයින් පිට වී
යනෙන දවසක
 නැගණියේ 
අපිට අපි නැත
අඩුව නොපිරෙයි 
කිසිම දෙයකින්
මතු දිනේ......


Comments

Popular posts from this blog

ආදරණීය අම්මා

උදෑසන අසිරිය