Posts

වියරු වූ සොයුරු පෙම

  වියරු වූ සොයුරු පෙම- නවකතාව තෙවන පරිච්ඡේදය කෙතරම් අගහිඟකම් මධ්‍යයේ වුවද සිරිදාස හා ජගත්ගේ වෑයම වූයේ සුගත්ව සමාජයේ හොඳ තැනකට ගෙන යාමය. ඔවුන්ට අත් වූ ඉරණම ඔහුට නොවීමට වග බලා ගැනීම ඔවුන්ගේ වෑයම විය. මේ නිසාම කිසිදාක නිවසින් දුර පළාතකට පිටමං නොකළ සුගත්ව කොළඹ යැවීමට සියලු කටයුතු සුදානම් කළේ සුගත්ගේම අනාගතය ගැන සිතාය. දවස් කීපයම ඉතාමත්ම ඉක්මණින් ගත විය. සුගත්ට තම රැකියාවට යාමට තිබුණ දවසත් එළඹුණි. එය ජගත්ට හා සිරිදාසට දැනුණේ ඇසිපිය ගසන සැණෙකින් දින ගෙවුණා හා සමානවය. සදුඳා උදේ පාන්දරින්ම අවදි උන ජගත්, සුගත් ළඟට ගියේය.  "ආ නැගිට්ටද? මල්ලි අද කීයටද යන්නේ?" සුගත් දෙස බලමින් ජගත් ඇසුවේය.  "මෙහෙන්  උදේ 8ට බස් එකේ යනවා. ඒකෙ ගියෙ නැත්තන් ආයේ කොළඹ බස් එක තියෙන්නෙ එකොළහටනේ..." යනුවෙන් සුගත් පැවසූවේ ය.  "හ්ම්ම්... එහෙනම් මල්ලි ලෑස්ති වෙන්නකෝ. මං එහෙනං ඔය ගෙනියන බඩු ටික ලෑස්තිද කියලා බලන්න යනවා" කියමින් ජගත් කාමරයට ගියේය. කළු හා දුඹුරු මිශ්‍ර බෑගයක් තුළට ඇඳුම් කිහිපයක් හා තවත් අවශ්‍ය දෑ කිහිපයක් දමා මනාව පිළියෙල කරන ලද බෑගය කාමරයෙන් සාලය මතට ගෙන ආ ජගත් එය සාලයේ මේසය උඩින් ...

වියරු වූ සොයුරු පෙම

  වියරු වූ සොයුරු පෙම- නවකතාව දෙවන පරිච්ඡේදය ගේ දොර ළග සිටි සිරිදාස මිදුලට පැමිණෙන්නේ සුගත්ගෙන් සුභ ආරංචියක් දැන ගැනීමට නමුත් සුගත් තමා ළඟට පැමිණෙන්නේ මැලවී ගොස් ඇති මුහුණත් සමඟය.. "මොකෝ... මුහුණ මැලවිලා... ගිය වැඩේ හරිද?" සුගත්ගේ රැකියාව ගැන බලාපොරොත්තු  මවාගෙන සිටින සිරිදාස සුගත්ගෙන් විමසුවේ ය...  මඳ වේලාවක් නිශ්ශබ්දව සිටි සුගත්, "සප්‍රයිස්..." යනුවෙන් එක්වරම නැඟී සිටියේ ජගත්ව හා සිරිදාසව තිගැස්වමිනි.  "ඈ.. බං මොකක්ද ඔය සර්පයිස් කියන්නේ?" සුගත් ගේ වදනින් පුදුමයට පත් වූ සිරිදාස  සුගත්ගෙන් ඇසුවේ ය. "සර්පයිස් නෙමේ තාත්තේ, මං කිව්වේ සප්‍රයිස් කියලා ඒ කියන්නේ ඔය කවුරු හරි කාවහරි පුදුම කරනකොට එහෙම දැන් කාලේ කියන්නේ..." යනුවෙන් සුගත් සිරිදාසට තේරුම් කර දුන්නේය. "අනේ මන්දා පුදුම කරවනවා කියනවා. ඔය කියන එකක් තේරෙන සිංහලෙන් කියන්න එපැ. හරි දැන් කතාව නවත්තලා කියපන් ගිය වැඩේ හරිද?අයියයි මායි දෙන්නම උදේ ඉදලා උබගේ වැඩේ ගැන කියව කියව හිටියේ"  සිරිදාස ජගත්ගේ මුහුණ දෙස බලමින් කිව්වේය. "ඒකනම් ඇත්ත මල්ලි, මොකද උනේ වැඩේ හරිද?" නිශ්ශබ්දව සිටි ජගත...

වියරු වූ සොයුරු පෙම

වියරු වූ සොයුරු පෙම - නවකතාව වෛරයේ ගින්නට හසු වූ සහෝදර ප්‍රේමයක් .... පළමු පරිච්ඡේදය මිනිස් දිවියේ සමහර බැඳීම් ඔවුන් විසින්ම ඇති කරගනු ලබනවා. තවත් බැඳීම් මිනිසුන්ට උපතින්ම හිමි වෙනවා.මේ බැඳීම් අතර ඇති එක් සොඳුරු බැඳීමක් ලෙස සහෝදර බැඳීම හැඳින්විය හැකියි.ජගත් හා සුගත් අතර තිබුණේද එවැනිම වූ සුන්දර සහෝදර බැඳීමකි.  හිරු උදා වී හෝරා තුනක් පමණ ගෙවී හමාරය. තේ කෝප්පය රස විදින ගමන් ඉස්තෝප්පුවට පැමිණීම ජගත්ගේ පුරුද්දකි. මෙසේ මඳ වේලාවක් ඉස්තෝප්පුවට වී සිටින ජගත්ට ඇසෙනුයේ පියුම්ගේ පා පැදියේ ටිරිං ටිරිං සද්දයයි. පුටුවෙන් නැඟිට විපරම් කර බලන ජගත්, පියුම් ගේ දිහාවට එනු දැක ටිකක් මිදුලට බැස්සේය. "ගෙදර කවුද? ... ගෙදර කවුද?" පියුම් විසින් වටපිට බලමින් කෑ ගැසීය. ඔහුගේ හඬ ඇසී කව්රුන් හෝ තමා දෙසට එනු දුටු පියුම් එක්වරම,  "ආහ්... මේ ජගත් මල්ලි ඉන්නේ මිදුලට වෙලා... මොකෝ අද උදේම මිදුලට බැහැලා... " "මං දැක්කා අයියා මේ පැත්තට එනවා. ඒකයි මං මේ ආවේ.මොකද මේ පැත්තේ.. අපිට ලියුමක්වත් තියෙනවද?...." "මේ.... සුගත් මල්ලිට නම් ලියුමක් තියෙනවා .. කෝ සුගත් මල්ලි ඉන්නවද?... නැත්නම් කොහේ හරි...

සරසවිය

Image
  සරසවිය පිණි කෝඩ මැද්දෙන් පා තබපු   සුරපුරය වීය මව් අද සිට සබරෙ අපගේ  සරසවිය සිය දහස් මිතුකැල දෙනෝදක්  සම්බවිය සිව්වසක් ඉදිරියට සෙවණ දෙන  පෙම්බරිය... මීදුම් ඉගිලවිත් සිඹින ආදරයෙ  කන්දෙ ගැට ඉගැන්නු හැටිම පුදුමයි සෙනෙහසේ  තද ගැට ලස්සනට හතු පෙපෙන සීතලම ගල්  පිය ගැට නැග ගනිමි තුටු සිතින් හීන ගෙන  හෙට දිනට... තණ පලස් යන්තමට සිප ගත්ත  හිරු එළිය සැනසිල්ලෙ හුස්ම පොද ළය පුරා  ඇවිලිල්ල ජීවිතයෙ පැනිය යුතු අවසන්ම එක  පිම්ම අදිටනින් ජය ගනිමි මවුනි නුඹෙ  තුරුලින්ම.. පෑන් පොත් ගැටෙන අපෙ අවසාන  තත්පරය ලෙංගතුම හදවත් හම්බ වුණ  සරසවිය දිනාගමි හෙට දවස අවසාන පිම්ම  පැන ස්නේහයෙන් අතුරා ඔබගෙ ළඟ  මගේ හීනය . ..

හඬන හිනැහෙන ආදරය

Image
හඬන හිනැහෙන ආදරය ඔබෙන් ලද ආදරය මහ මෙරක්ය මට තවම නොදනිමි තවම සොයනොමි  මිනුම් කරනට ඔබේ සෙනෙහස මටම විතරක් අයිති ඔය සිත වරින් වර මා පෙළා දැමු කල මටම නොහැඟෙයි පුංචි ඔය නෙත් කදුළු රිදුමන් දරා උන් හැටි යන්න හැකි නම් අතීතය වෙත කදුළු පිසළමි සිනා වගුරමි මා හැඩෙව් ඒ නෙත් කොණේ.... නමුත් නොහැකිය යන්න ඒ වෙත වරු ගණන් පසු වී ගොසින් එහෙත් අයදිමි දෙපා සිඹ ඔබෙ මගේ හිමියනි සමා දෙනවද මා අතින් වූ සියලු වරදට නොවෙයි මින් මතු එවැනි දේ වරෙක හිනැහෙන වරෙක හඬවන  අපේ ආදර කතාවේ.....

දෙවැනි මව

Image
  දෙවැනි මව ජීවිතයේ අඩිය අඩිය පා තබන්න කියලා දුන්න දෙව්ඳුවකි මා දුටුව  මිහිපිට... මුදවා ගත්තා  වැරදි පාරෙන් ආදරෙන් මට වදන් දී සනසවා සිත් කාරුණික වූ හදට ඔබේ මගෙ හිත හදා පොතට පතකට  එහා ගියෙ ඔබෙ  බැඳීමේ ගුණ මෙකී නොම වෙයි කිසිම කලෙකදි මතුවටත්.. ගුරු මෑණියනි ඔබ දෙවැනි අම්මයි ආදරේ මුල්  කැඩපතයි.....

පැරණි පාසල

Image
පැරණි පාසල අමතක කරනට  නොහැකි මුත් ඒ කාලය ඇසුරු සැනෙකින්  වියැකිලා ගොස් ඇත අද එදා සිටි උන් කෝ කොහේ වෙද තාම මතකයි  දඟ කරපු හැටි පිස්සුවෙන් වගෙ  එදා හැම දෙන... පුංචි පාසල තවත් එහෙමයි එදා තැනමයි  අදත් එතනයි ලොකු වෙලා ඇත්තෙම  එදා පුංචිව  සිටිය අපිමයි... හම්බුනොත් වරමක් හිතන්නේ නෑ තවත් දෙවරක් ඇත්තටම කිවුවොත් සතුට මහ හුඟක්  තිබුණේ ම යාලුවො ළඟ ගෙවුණු වරුවක්...