වියරු වූ සොයුරු පෙම
වියරු වූ සොයුරු පෙම - නවකතාව වෛරයේ ගින්නට හසු වූ සහෝදර ප්‍රේමයක් .... පළමු පරිච්ඡේදය මිනිස් දිවියේ සමහර බැඳීම් ඔවුන් විසින්ම ඇති කරගනු ලබනවා. තවත් බැඳීම් මිනිසුන්ට උපතින්ම හිමි වෙනවා.මේ බැඳීම් අතර ඇති එක් සොඳුරු බැඳීමක් ලෙස සහෝදර බැඳීම හැඳින්විය හැකියි.ජගත් හා සුගත් අතර තිබුණේද එවැනිම වූ සුන්දර සහෝදර බැඳීමකි. හිරු උදා වී හෝරා තුනක් පමණ ගෙවී හමාරය. තේ කෝප්පය රස විදින ගමන් ඉස්තෝප්පුවට පැමිණීම ජගත්ගේ පුරුද්දකි. මෙසේ මඳ වේලාවක් ඉස්තෝප්පුවට වී සිටින ජගත්ට ඇසෙනුයේ පියුම්ගේ පා පැදියේ ටිරිං ටිරිං සද්දයයි. පුටුවෙන් නැඟිට විපරම් කර බලන ජගත්, පියුම් ගේ දිහාවට එනු දැක ටිකක් මිදුලට බැස්සේය. "ගෙදර කවුද? ... ගෙදර කවුද?" පියුම් විසින් වටපිට බලමින් කෑ ගැසීය. ඔහුගේ හඬ ඇසී කව්රුන් හෝ තමා දෙසට එනු දුටු පියුම් එක්වරම, "ආහ්... මේ ජගත් මල්ලි ඉන්නේ මිදුලට වෙලා... මොකෝ අද උදේම මිදුලට බැහැලා... " "මං දැක්කා අයියා මේ පැත්තට එනවා. ඒකයි මං මේ ආවේ.මොකද මේ පැත්තේ.. අපිට ලියුමක්වත් තියෙනවද?...." "මේ.... සුගත් මල්ලිට නම් ලියුමක් තියෙනවා .. කෝ සුගත් මල්ලි ඉන්නවද?... නැත්නම් කොහේ හරි...