සරසවිය
සරසවිය පිණි කෝඩ මැද්දෙන් පා තබපු සුරපුරය වීය මව් අද සිට සබරෙ අපගේ සරසවිය සිය දහස් මිතුකැල දෙනෝදක් සම්බවිය සිව්වසක් ඉදිරියට සෙවණ දෙන පෙම්බරිය... මීදුම් ඉගිලවිත් සිඹින ආදරයෙ කන්දෙ ගැට ඉගැන්නු හැටිම පුදුමයි සෙනෙහසේ තද ගැට ලස්සනට හතු පෙපෙන සීතලම ගල් පිය ගැට නැග ගනිමි තුටු සිතින් හීන ගෙන හෙට දිනට... තණ පලස් යන්තමට සිප ගත්ත හිරු එළිය සැනසිල්ලෙ හුස්ම පොද ළය පුරා ඇවිලිල්ල ජීවිතයෙ පැනිය යුතු අවසන්ම එක පිම්ම අදිටනින් ජය ගනිමි මවුනි නුඹෙ තුරුලින්ම.. පෑන් පොත් ගැටෙන අපෙ අවසාන තත්පරය ලෙංගතුම හදවත් හම්බ වුණ සරසවිය දිනාගමි හෙට දවස අවසාන පිම්ම පැන ස්නේහයෙන් අතුරා ඔබගෙ ළඟ මගේ හීනය . ..